Blog

  • මේ දවස්වල හැමෝම හොයන ඒ ආදරණීය තරුව දුටුවන්ගේ නෙත් වසඟ කරන කඩවසම් පෙනුම බලන්නකෝ කොහොමද කියලා…

    හිරු ටීවී තිරය හරහා මේ දවස්වල හැමෝගෙම ආදරය දිනාගත්ත, “රොන් සොයා” ටෙලි නාට්‍යයේ ඉඳුවරව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නැහැනේ. 

    ඉඳුවර සයාගී කියන්නේ දැන් ලංකාවේ තරුණියන්ගේ හදගැස්ම කිව්වොත් නිවැරදියි.

    සයාගී කියන්නේ රංගනයට විතරක් නෙවෙයි, ගායනයටත් අතිශය දක්ෂයෙක් කියලා දැන් කවුරුත් දන්න රහසක්. රංගනයෙන් වගේම තමන්ගේ මියුරු හඬිනුත් ඔහු ප්‍රේක්ෂකයින්ව වශී කරගෙන අවසානයි.

    නිතරම සමාජ මාධ්‍ය හරහා රසිකයින් එක්ක සමීපව ඉන්න සයාගී, ඔන්න මේ පාර හරිම අපූරු, කඩවසම් පින්තූර එකතුවක් මුහුණු පොතට එක් කරලා තියෙනවා.

    මේ පින්තූර දැකපු රසික රසිකාවියන් දහස් ගණනින් ප්‍රතිචාර දක්වමින් කියන්නේ “ඉඳුවර” ඇත්තටම හරිම ලස්සනයි කියලයි. ඔයාලත් බලන්නකෝ මේ කඩවසම් තරුවගේ අලුත්ම පින්තූර ටික කොහොමද කියලා..